මෙරට රජයේ රෝහල්වල භාවිතා වන ඖෂධ වර්ග වලින් සියයට 65 ක්ම ආනයනික ඒවා බවත් මෙරට නිෂ්පාදනය කරන්නේ සියයට 35ක් වන ප්‍රමාණයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
මෙම වසරේ රෝහල්වලට ලැබිය යුතු ඖෂධ ගිය වසරේ ඇනවුම්කල යුතුව තිබූ ඒවා බවත් පැවසූ ඔහු අද වන විට මුහුණ දෙමින් තිබෙන ගැටලුව ගිය වසරය එම ප්‍රසම්පාදන කටයුතු නිසිලෙස සිදු නොවීම බවද පැවසුවේය.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති හෙද නිලධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා වූ උත්සව සභාව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.