හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මල් පාරේ පැවැති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එකතුවීමට කිසිදු සාකච්ඡාවක් නොවුණු බව සජබ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ සියලු විපක්ෂ නියෝජිතයන් ඊට සහභාගී වි සිටි බවත්, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට එකග වූ බවත්ය.
කෙසේවෙතත් එජාපය මෙම සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ විපක්ෂය එක්ව කටයූතු කිරීමට තීරණය කළ බවකි.
නමුත් මෙම නිවේදනය අසත්‍යයක් බව ඊයේ රාත්‍රියේම දිලිත් ජයවීර මහතා සිය ෆේස්බුක් පිටුවේ සදහන් කොට තිබිණ.