Type Here to Get Search Results !

පුංචි ආණ්ඩු බලය පිහිටුවන්න මාලිමාව මනෝ ගනේෂන් සාකච්චා..


 ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට බහුතරය නැති ස්ථානවල බලය පිහිටුටීම සඳහා තම පක්ෂයට ආරාධනා කර ඇති බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.


ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තම පක්ෂය සමඟද සාකච්ඡා කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.


එය වරදක් නොවන බවත් පවතින මැතිවරණ ක‍්‍රමය අනුව ප්‍රජාතන්ත්‍රවාදය එය බවත් පවසන ඔහු තමන් තම පක්ෂයද මේ වන විට කිසිවෙකුට බහුතරය නැති ස්ථානවල බලය පිහිටුවීමට සාකච්ඡා කරමින් සිටින බවත් පැවසීය.


කොළඹ නගර සභාව ඇතුළු බහුතරය කිසිවෙකුට නැති ආයතනවල බලය පිහිටුවීම සඳහා වන සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads