Type Here to Get Search Results !

මෙම වසරේදී ලුණු කැටයක්වත් නිපදවා නෑ..


 මෙම වසරෙදි ලුණු කැටයක්වත් නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බව ලංකා ලුණු සමාගම සඳහන් කරයි.


සමාගමේ සභාපති ඩී නන්දන තිලක මහතා සඳහන් කරන්නේ දිගින් දිගටම පැවැති වැසි සහිත අයහපත් කළගුණික තත්ත්වය මීට බලපෑ බවයි.


මෙරට ලුණු නිෂ්පාදනය කරන සෑම ලුණු ලේවායන් පිහිටි ප්‍රදේශයන්ටම මෙම අයහපත් කාලගුණික තත්ත්වය බලපාන ලද බවද ඒ මහතා කියා සිටී.


සෑම වසරමකම මාර්තු මාසයේදී ලුණු කැඩීම සාමාන්‍යයෙන් ආරම්භ කළ ද මෙම අයහපත් කාලගුණ තත්ත්වය ඊට බාධා වූ බවද හෙතෙම පෙන්වා දෙයි.


වෙලදපලේ කැටලුණු හිගයක් ඇතත් මේස ලුණුවල හිගයක් නැති බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads