Type Here to Get Search Results !

කිසිවෙකුට බහුතරය නෑ.. කොළඹ නගරාධිපති තෝරන්න විවෘත ඡන්ද විමසීමක්..


 කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.


ඒ අනුව එම ඡන්ද විමසීම එළඹෙන ජූනි මස දෙවැනි දා පැවැත්වීමට නියමිතව ඇත.


මෙසේ නිල වරණයක් පවත්වා මෙම ධුර සදහා තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්ෂයක් සියයට පනහ ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොමැති වීම මතය.


මෙම නිලවරණයේදී බහුතරය පෙන්වන හෝ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයනට නගරාධිපති හා උප නගරාධිපති වීමේ අවස්ථාව ඇත.


ඒ අනුව මේ දිනවල කොළඹ නගර සභාවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් උපරිම වෙහෙසෙමින් සිටිති.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads