Type Here to Get Search Results !

රිමාන්ඩ් කල කෙහෙලියගේ සාක්කුවේ ගජමුතුවක්..


හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයට ඇතුළත් කිරීමට පෙර කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී පසුගිය 07 වැනිදා සොයාගත් ගජ මුතුව, කුඩා බුදුපිළිමය සහ දුඹුරු පැහැති ශාක පොතු 05ක විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත්කර ඇත.

බන්ධනාගාරය මඟින් එම භාණ්ඩ බොරැල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත්කර ඇත්තේ විමර්ශන කටයුතු සඳහාය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සතුව තිබී සොයාගත් ගජමුතුව ඔහුට ලද ආකාරය ගැන විශේෂයෙන් විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කළේය

ගයාන් කුමාර වීරසිංහ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads