Type Here to Get Search Results !

විදුලි බිල වැඩි නොකලොත් IMF වාරිකය නෑ..


 ගාස්තු ක්‍රියාත්මක කිරීම සඳහා අවසර ලබා ගැනීමට පෙර, රුපියල් බිලියන 25 ක පාඩුව පියවා ගැනීමට හැකි අයුරීන්, විදුලි ගාස්තු සංශෝධනය කිරීමට රජයට සිදුවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියෙක් සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවැසීය.


ජූලි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ සමාලෝචනය පැවැත්වීමට නියමිතව ඇති අතර අදාළ යෝජනා ඉදිරි සති කීපය ඇතුළතඉදිරිපත් කළ යුතු බව ඔහු පෙන්වා දී ඇත.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව කොන්දේසි දෙකක් මත රඳා පවතින අතර ඉන් එක් කොන්දේසියක් වන්නේ, විදුලි පිරිවැය අයකර ගැනීමේ මිලකරණය යථා තත්වයට පත් කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම යැයි පැවැසෙයි.


මෙම කොන්දේසි සපුරා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව පමණක්, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍ය පහසුකම් හිමිවනු ඇති බව ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරිවරයා පැහැදිලි කර ඇත.


යෝජනා නියමිත වේලාවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමට ඉඩ ඇති අතර වෙනත් රටවලින් ණය ලබා ගැනීම වැනි වෙනත් ගැටලු රාශියකට එය බලපෑම් කළ හැකි අතර ණය පහසුකම් වලට ද එය බලපානු ඇතැයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads