ආන්දෝලනාත්මක ජනාධිපති පොදු සමාවක් මගින් නිදහස ලබා සිටින අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයා පසුගිය මැතිවරණ වලදී ජාතික ජන බලවේගයට මුදල් ආධාර සපයා දීමට සහය වූ පුද්ගලයකු බවට ප්‍රදේශයේ මතයක් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් මෙවර පොදු සමාව යටතේ නිදහස් කිරීමේ ලේඛනයට ඇතුළත් වී ඇති බවද ප්‍රදේශයේ ජනතාව තුළ දැඩි සැකයක් පවතින බවත් හෙතෙම කියා සිටි.
එල්ලවී තිබෙන චෝදනාව නිලධාරීන් පිටින් පමණක් යවා ආණ්ඩුවට අත පිසදා ගැනීමට හැකියාවක් නැති බවද ඒ මහතා අනුරාධපුර ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එනිසා ජනතාව තුළ ඇති වී තිබෙන සැකය නිවැරදි කිරීමද ආණ්ඩුවේ වගකීමක් යයිද ඒ මහතා තවදුරටත් පැවසුවේය.