Type Here to Get Search Results !

මේ ආණ්ඩුවට හෙන ගහනවා.. හරිනි මා හා විවාදයකට එනු..- නිර්මාල් කෝපයෙන් වීඩියෝවක..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වර්තමාන ආණ්ඩුව විසින් යෝජනා කරන තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවට හෙන ගසනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පාසල් අධ්‍යාපනය තුළ ඉතිහාසය සහ පුරවැසි අධ්‍යාපනය අනිවාර්ය නොවන විෂයන් බවට පත් කිරීමේ ආණ්ඩුයේ සැලසුමට දැඩි විරෝධය පළ කරන බවයි.

මෙම තීරණය ගත්තේ කුමන පදනමක් මත දැයි ප්‍රශ්න කරන ඔහු එසේ නම් ආගම පමණක් අනිවාර්ය විෂයක් බවට පත් කර ඇත්තේ කුමක් නිසාදයි ප්‍රශ්න කරන්නේය.

මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි හරිනි අමරසූරියට තමන් හා ප‍්‍රසිද්ද විවාදයකට අභියෝග කරන බවද කියා සිටී.

මෙවන් සංශෝධන ආණ්ඩුව විසින් සිදු කරන්නේ සිහි බුද්ධියක් නැතිව හිතා බැලිල්ලකින් තොරව බවටත් ඒ මහතා චෝදනා කරයි.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ තම සමාජ ජාල නාලිකාවේ වීඩියෝවක් පළ කරමිනි.

වීඩියෝව බලන්න..

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads