Type Here to Get Search Results !

මිනිස් සමෙන් ටෙඩියෙක්..? මොහොතකට සිත වික්ෂිප්තවෙන කතාවක් මෙන්න...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාවේ ප්‍රදේශයක පදික වේදිකාවක් මත මිනිස් සමෙන් සාදන ලද්දක් මෙන් ඇති විකෘති ටෙඩි බෙයාර් කෙනෙකු පිලිබඳ වාර්තා වී තිබෙනවා.

මෙහෙදී බියට පත් එම මාර්ගයේ නිවැසියන් මේ බව පොලීසියට දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ පිලිබඳව පරීක්ෂණ ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන්ධන පිරවුම්හලක් හා බස් නැවතුමක් අතර පදික වෙදිකාවක තිබී මෙම ටෙඩි බයාර් බෝනික්කව පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එය බැලූ බැල්මට මිනිස් සමක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ටෙඩිබයාර් බෝනික්කෙකුට තබා මසා ඇති ආකාරයටයි දිසිවී ඇත්තේ.

තවද එහි ඇස්,තොල් නාසය ආදියද මිනිසකුගේ ඒවාට බෙහෙවින් සමාන වී තිබෙනවා.

පොලීසිය මගින් කල විමර්ශනයේදී මෙය මිනිස් සමෙන් නොව සාමාන්‍ය ලෙදර් වැනි ද්‍රව්‍යයකින් මසා තිබෙන ටෙඩිබයාර් බෝනික්කෙකු බව හෙලිවී තිබෙනවා.

අධිකරණ වෛද්‍ය කණ්ඩායම මගින්ද මෙහි කිසිම මිනිස් පටකයක් අඩංගු නොවන බවයි තහවුරු කරගෙන ඇත්තේ.

පසුව සිදුකල සොයාබැලීමේදී මෙය දකුණු කැරොලීනා ප්‍රදේශයේ කලාකරුවෙකු විසින් නිර්මාණය කර ඇති අතර එය ඊ-වාණිජ්‍ය වෙබ් අඩවියක් වන එට්සි(Etsy) හරහා ඔහු වික්ටර්විල් හි ගැනුම්කරුවෙකුට විකුණා ඇතු බවයි වාර්තා වී තිබෙන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads