සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සඳහන් කරයි.
එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා ගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවය.
සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම විසින් නිකුත් කරන ලද එම නිවේදනය අද දෙරණ මගින් වාර්තා කර තිබෙන අතර එය පහත දැක්වේ.