Type Here to Get Search Results !

අත්අඩංගුවට ගන්න – අතන මෙතන කොතන හෙව්වත් : රතන හිමි අතුරුදහන්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බියගන්වා, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ (07) රාත්‍රියේ උන්වහන්සේ වැඩ සිටින රාජගිරියේ සඳහම් සෙවන වෙත ගොස් තිබේ.

නිලධාරීන් එහි යන විට උන්වහන්සේ එහි රැඳී සිට නොමැති අතර, ජංගම දුරකථනය පවා ක්‍රියාවිරහිත කර සැඟව සිටින බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ පැමිණිල්ලට අනුව, අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අතුරලියේ රතන හිමියන්ට ලබාගැනීම සඳහා තමන්ව පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිපි ලේඛන කිහිපයකට අත්සන් ගෙන ඇති බව සඳහන් වේ.

වසර පහකට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පළමු සැකකරු කටුවන, කිරිමානගොඩ ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඔහු කටුවන නන්දසීහ හිමි නමින් පැවිදිව සිටි අයෙකු බවයි. මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ ඔහු සහ අනෙක් සැකකරු විසිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන ජාල දත්ත විශ්ලේෂණයකදී, පැහැරගැනීම සිදුවූ අවස්ථාවේ සිට අතුරලියේ රතන හිමියන් සැකකරුවන් සමඟ දුරකථනයෙන් අසාමාන්‍ය ලෙස සම්බන්ධව සිට ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සේවයෙන් නෙරපා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බවද වාර්තා වේ.

පැමිණිල්ලෙහි පැහැරගැනීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ සම්බන්ධයක් ගැන පැහැදිලිවම සඳහන් වන බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙම පක්ෂයේ නායකයා වූ සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු 2024 ජනවාරි 22 වන දින බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලදී සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනය විය. මෙම ඝාතනය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බවට පසුව අනාවරණය විය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads