Type Here to Get Search Results !

කොත්මලේ ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවන් ඉවත් කර ජවිපෙට හිතවත් ආධුනික ඉංජිනේරුවන් පත් කරලා...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගිය දින කිහිපය තුළ මෙරටට බලපෑ දරුණු සුළි කුණාටු තත්ත්වය සහ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව මෙවැනි දරුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීම් නොතකා හරිමින් ආපදාව සිදුවීමට ඉඩ දුන් බවයි.


මහජන නියෝජිතයෙකු ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ වසර 20කට අධික අත්දැකීම් ඇති තමන් මේ තත්ත්වය දකින බව පියතිස්ස මහතා පැවසීය. පසුගිය දින කිහිපය තුළ ඇද හැළුණු ධාරාණික වර්ෂා පතනය හේතුවෙන් ජලාශ පිටාර ගැලීම සහ නාය යෑම් වලින් මුළු රටම පීඩාවට පත් වූ බවත්, විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශ ඉතා බරපතල ඛේදවාචකයකට මුහුණ දුන් බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ ආපදාවෙන් මානව සම්පත මෙන්ම දේපළ විශාල වශයෙන් අහිමි වීම හේතුවෙන් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඉතා බරපතල ලෙස අස්ථාවර වී අරාජික වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


ඕනෑම ආණ්ඩුවක් මෙවැනි අනතුරු ඇඟවීම් කරන විට ඊට මුහුණ දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව පියතිස්ස මහතා සිහිපත් කළේය. කාලගුණ දෙපාර්තමේන්තුව විශේෂ අනාවැකි නිකුත් කළ බවත්, ජාත්‍යන්තර කාලගුණ දෙපාර්තමේන්තු, BBC රූපවාහිනිය, ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තු වැනි විවිධ මාධ්‍ය ආයතන මඟින් වේලාසනින් මේ පිළිබඳව අනතුරු ඇඟවීම් කළ බවත් ඔහු පැහැදිලි කළේය.


කොත්මලේ ජාලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරරවරුන් තුන්දෙනෙකු ඉවත් කර ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ආධුනික ඉංජිනේරුන් ඊට පත් කර තිබූ බවටත් තොරතුරු ඇතැයිද ඒ මහතා එහිදී සඳහන් කළේය.


කාලගුණ අනතුරු ඇඟවීම් වේලාසන කර තිබේදී ජලාශය ඉහළම මට්ටමට එන තෙක් බලා සිටියා හැර ක්‍රමානුකූලව ජලාශයේ ජලය අඩු කිරීමේ ක්‍රියාවලියකට ඔවුන් යොමු නොවූ බවටද හෙතෙම චෝදනා කළේය.


මෙහිදී 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත ශක්තිමත් පනතක් බවත්, එවැනි තත්ත්වයක් වාර්තා වූ විට ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads