Type Here to Get Search Results !

නගරය කුණාටු කුණුවලින් වැසේ... විරෝධය මැද නගරාධිපති පැන දුවයි...

 


මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

දිට්වා සුලිකුනාටුවේ බලපෑමෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ ගම්පොළ නගරය පුරා ගොඩගැසී තිබූ ටොන් ගණනක අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන්, වෙළෙඳසල් හිමියන්ගේ දැඩි විරෝධය මැද ගම්පොළ නගරාධිපතිවරයා එක්ස්කැවේටර් යන්ත්‍රයෙන් බැස දිව ගොස් ඇත.


ගංවතුර හේතුවෙන් ගම්පොළ නාවලපිටිය මාර්ගයේ පිහිටි වෙළඳසැල්වල තිබූ වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විශාල වශයෙන් විනාශ වී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 35කට අධික බව වාර්තා විය. විනාශ වූ සහල් ටොන් ගණනක් වෙළඳසැල් ඉදිරියේ ගොඩගසා තිබුණි.


මෙම පසුබිම යටතේ, ගම්පොළ නගරාධිපතිවරයාගේ උපදෙස් මත, එම ප්‍රදේශයේ කැළි කසල ඉවත් කිරීම සඳහා විශාල එක්ස්කැවේටර් යන්ත්‍රයක් රැගෙන විත් තිබුණි. කෙසේ වෙතත්, මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කර කසල ඉවත් කිරීමේදී වෙළඳසැල්වල වහලද කැඩීම හේතුවෙන් වෙළඳසල් හිමියන් දැඩි අසීරුතාවකට පත් විය.


සිද්ධිය සිදුවන අවස්ථාවේදී නගරාධිපතිවරයාද එම එක්ස්කැවේටර් යන්ත්‍රය මතට නැග සේවකයින්ට උපදෙස් ලබා දෙන අයුරු වෙළඳසල් හිමිකරුවන් වීඩියෝ ගත කර තිබුණි.


තත්ත්වය උත්සන්න වීමත් සමඟ, වෙළඳසල් හිමියන්ගේ විරෝධය මැද නගරාධිපතිවරයා යන්ත්‍රයෙන් බැස දිව යන අයුරු දක්නට ලැබුණි.


විරෝධතාකරුවන් චෝදනා කළේ, නගරාධිපතිවරයා නොගැලපෙන වාහන ගෙනවිත්, පාරවල් කඩා විනාශ කර ඇති බවත්, එමෙන්ම තම ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති බවත්ය. ඔවුන් පෙන්වා දුන්නේ මෙම යන්ත්‍ර මගින් පාරේ වලවල් හැරී ඇති බවත්, පාරේ තාර පවා ගැලවී ඇති බවත්ය.


ගම්පොළ නගරයේ කසල ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර, එය ටොන් 100කින් ආරම්භ වී පසුව දිනකට ටොන් 69 දක්වා ඉවත් කිරීම සිදු වෙමින් පවතී.


මෙම කසල විශාල වශයෙන් කෙරවලපිටිය කසල කළමනාකරණ මධ්‍යස්ථානයට බැහැර කරන බව සඳහන් වේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads