Type Here to Get Search Results !

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නි.නගරාධිපතිවරයාගේ දියණියත්.. - VIDEO


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 26 දෙනෙකු තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පිරිස අතර ජාතික ජන බලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර මහතාගේ 26 හැවිරිදි දියණියද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.


පොලිස් වැටලීම සිදුවූයේ තෙල්දෙණිය පොලිස් වසමට අයත් වික්ටෝරියා ජලාශය අවට පිහිටි හෝටලයකය. අත්අඩංගුවට ගත් පිරිසට පිරිමි පුද්ගලයන් 22 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු ඇතුළත් වේ. සැකකරුවන්ගේ වයස් අවුරුදු 18 සිට 31 දක්වා පරාසයක පසුවන බව පොලිසිය සඳහන් කරයි.


එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4,134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය 1,875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක් ඇතුළු තවත් මත්පෙති සහ නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද පොලීසිය භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත.


අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් සහ සැකකාරියන් අද (13) දින තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන කලබලයක්ද ඇති වී ඇති අතර, ජා.ජ.බ. නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර මහතාගේ දියණියගේ සම්බන්ධය තහවුරු වී තිබේ. පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින බව වාර්තා වේ.


වීඩියෝව බලන්න..

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads