සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා දරන ලද කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී අදට හරියටම වසරක් ගත වෙයි.
ඔහු එම දුරින් ඉල්ලා අස්වූයේ තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් එකල සමාජයේ ඇතිව තිබූ ආන්දෝලනය මතයි.
ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කථානායක ධුරයෙන් ඉල්ලා අස් වූයේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා කාලයක් ලබා ගැනීම සඳහායි.
ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ඇති බව පවසන ඔහු ඊට අදාළ ලේඛණ ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් එතැන් පටන් පටන් මේ දක්වා වසරක කාලයක් ගෙවී ගොස් ඇතත් ඔහු එම සුදුසුකම් තහවුරු කිරීමට මෙතෙක් සමත් වී නැත.
මේ වන විට රන්වල මහතා සපුගස්කන්දේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.



