Type Here to Get Search Results !

ස්වාභාවික විපතකදී ඉතිහාසයේ කිසිදා අපි දේශපාලන වාසි හෙව්වේ නෑ.. ඇමති බිමල්ගේ සමාජ මාධ්‍යයෙන් සැරටම ක්ෂණික ප්‍රතිචාර..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ස්වභාවික විපතක් රටට බලපාන සෑම අවස්ථාවකම සිය පක්ෂය පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කර ඇති බවත්, එය ඉතාම දුෂ්කර තත්වයන් යටතේ වුවද සිදුකිරීමේ හැකියාවක් තමන්ට ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක අද ( 01) පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.


අවුරුදු පනහකට අධික සිය පක්ෂයේ ඉතිහාසය සිහිපත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, 1978 සුළි සුළඟේ සිටම පක්ෂය සියලු ව්‍යවසනවලදී කැපවීමෙන් කටයුතු කර ඇති බවයි.


“කිසිදු හේතුවක් නිසා මෙම ස්වාභාවික උපද්‍රව දේශපාලන වාසි සඳහා භාවිත නොකිරීමේ සංස්කෘතියක් ද අප සතුයි,” යනුවෙන් අමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.


කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට සමාජ මාධ්‍ය තුළ ක්ෂණික හා දැඩි ප්‍රතිචාර දක්වමින් සිටියි.


පසුගිය ස්වාභාවික විපත් අවස්ථාවන්හිදී ජවිපෙ සහ ජාතික ජනබලවේගය මාධ්‍ය හමු පවත්වමින් එවකට ආණ්ඩුවට දෝෂාරෝපණය කරන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් ක්ෂණිකව සංසරණය කරමින් තිබේ.


එම වීඩියෝවලට අනුව, පසුගිය අවස්ථාවන්හිදී විපක්ෂයේ සිටි පක්ෂය ‘වැඩපිළිවෙලක් නොමැති බව’, ‘අනතුරු වේලාසනින්ම පුරෝකථනය නොකිරීම’ ඇතුළු විවිධ විවේචන රජයට එල්ල කර ඇති බව පෙනී යයි.


ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විවේචනය කරන්නේ දැන් වන විට ආණ්ඩුවේ නියෝජිතයින් “කට ඇරියොත් බොරු කියවෙන තැනට බොරුවට ඇබ්බැහි වී ඇති” බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads