Type Here to Get Search Results !

මොඩියුලයට වෙබ් අඩවිය දැම්මේ අපේ ප්‍රතිපත්තියට නොවේ.. ජනතාව මේ ප්‍රතිසංස්කරණ ඉල්ලනවා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රජය ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු හේතුවක් මත නතර නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අවධාරණය කරයි.


මෑතකදී ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය එක්තරා වෙබ් අඩවියක පල වූ කරුණක් හේතුවෙන් නිර්මාණය වූවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ වෙබ් අඩවියේ අන්තර්ගත වූ කරුණු රජයේ අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ හෝ අධ්‍යාපන ප්‍රතිපත්තියේ කොටසක් නොවන බවයි.


"එය ප්‍රතිපත්තියක් ලෙස රජය පිළිගත් දෙයක් නෙවෙයි. කිසියම් නිලධාරී කණ්ඩායමක අතපසුවීමකින් සිදු වූ දෙයක් බව පැහැදිලිවම කිව යුතුයි. වගකිවයුතු විපක්ෂයක් නම් කළ යුතුව තිබුණේ මෙවැනි දෙයක් ඇතුළත් වී ඇත්තේ රජයේ ප්‍රතිපත්තියක් ලෙසද නැතිනම් අත්හැරීමකින් සිදු වූවක්ද යන්න සොයා බැලීමයි," යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.


රටේ පොදු ජනතාව ඉතා උවමනාවෙන් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අපේක්ෂා කරන බවත්, එම ජනතා අවශ්‍යතාවය ඉටුකිරීමට රජය කැපවී සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads