Type Here to Get Search Results !

පාර්ලිමේන්තුවේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ගහයි.. විකුණයි.. ජයටම යයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මත්පැන්, සිගරැට් සහ "අයිස්" වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.


මේ පිළිබඳව සොයා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒ මහතා අදාළ බලධාරීන් වෙත දැනටමත් නියෝග නිකුත් කර ඇත.

භෝජනාගාරය ඇතුළු අංශ කිහිපයක සේවකයන් හොර රහසේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන බවට ලද තොරතුරු මත මෙම පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු නිලධාරීන් කණ්ඩායමක් කළ විමර්ශනයකදී මේ බව තහවුරු වී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව, විදේශීය නිෂ්පාදිත සිගරැට් වර්ග පාර්ලිමේන්තුව තුළ අලෙවි කරන සේවකයන් පිරිසක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇත.

මෙවැනි විනය විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට නිසි පියවර නොගෙන ඒවා වර්ධනය වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් කථානායකවරයා අංශ ප්‍රධානීන්ට සිය අප්‍රසාදය පළ කර තිබේ.

මීට පෙර ද මත්ද්‍රව්‍ය භාවිත කළ සේවකයන් පිරිසක් හඳුනාගෙන ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු ප්‍රධානියෙක් සඳහන් කළේය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads