සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
හිටපු කතානායක මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වන වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය අද (17) අලුයම රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ.
කැලණිය බියගම මාර්ගයේ මන්ත්‍රීවරයාගේ නිවස අසලදීම මෙම ගැටීම සිදුව ඇති බව බියගම පොලිසිය වාර්තා කරයි.
බණ්ඩාරවත්ත දෙසින් පැමිණි වෛද්‍යවරිය, සිය මෝටර් රථය නිවසට හැරවීම සඳහා මාර්ගයේ දකුණු පස නවතා තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් එහි ගැටී ඇත.
එම අවස්ථාවේදී නිවසේ ආරක්ෂක රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයා විසින් කළ දැනුම්දීමකට අනුව වහාම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අනතුර සිදුකළ මෝටර් රථය පදවා ඇත්තේ කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙකි.
අත්අඩංගුවට ගත් රියදුරු සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහු මත්පැන් පානය කර සිටි බව තහවුරු වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
තුවාල ලැබූ මන්ත්‍රී බිරිඳ මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.


