සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් සිදුකරන ලද "මිහින්තලේ වනචාරියා" යන ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
සියත රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලාල් කාන්ත මහතා එම ප‍්‍රකාශය කරන ලද්දේ දේශපාලන අර්ථයක් ඇතිව බවත් නිශ්චිතවම කවුරුන් ඉලක්ක කරගෙනද යන්න නොදන්නා නමුත් අදාළ පුද්ගලයන් එම ප්‍රකාශය තමන්ට යොමු වූවක් යැයි සලකා එම තොප්පිය දාගන්නවා නම් එහි කිසිදු ගැටලුවක් නැති බවත් ඔහු පැවසුවේය.
මෙම ප්‍රකාශය හරහා අමාත්‍යවරයා අවධාරණය කළේ අදාළ විවේචනයට පාදක වූ කරුණු සම්බන්ධයෙන් තම එකඟතාවය පවතින බවයි.


