සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභිකයන් පිරිසක් විසින් සිදු කර ඇති මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත හා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ කණ්ඩායම විසින් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන ඇන්ටන් චමින්ද, බොනිපස් කුමාරපේලි, ශිරෝමා මල්කාන්ති, රුවනී ලක්ෂිකා, ශාමලි ප්‍රියංකා හා නිලක්ෂි මධුශානි යන මන්ත්‍රිවරුන් විසින් කරුණු තුනක් යටතේ මෙම දූෂණ චෝදනාවලට අදාළ පැමිණිල්ල සිදුකර ඇත.
පසුගිය සමයේ ආපදා තත්ත්වයකදී මාර්ගවලට කඩාවැටුණු ගස් ඉවත් කිරීම සඳහා ප්‍රාදේශීය සභා සේවකයන් සහ පොලිසිය මැදිහත් විය හැකිව තිබියදී, බාහිර පෞද්ගලික පාර්ශ්වයන් යොදාගෙන ඒ සඳහා සභාවේ මුදල් අක්‍රමික ලෙස ගෙවා ඇති බවද එය 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 219 වගන්තිය උල්ලංඝනය කිරීමක් බවද එම පැමිණිල්ලේ සඳහන් වේ.
එමෙන්ම එක්තරා සභිකයකුගේ යෝජනාවක් අනුව ජේ.සී.බී. යන්ත්‍රයක් ලබාගෙන ඇති බවත් ඒ සඳහා ගෙවීම් සිදු කර ඇත්තේ වෙනත් ආයතනයකට බවටත් චෝදනා එල්ල වේ.
මියගිය කුකුළන් වළ දැමීම සඳහා බැකෝ යන්ත්‍රයක් ලබාගැනීමේදී එහි හිමිකරුට ගෙවීම් නොකර සභිකයකුගේ නමට අදාළ ගෙවීම් අනුමත කරවාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
මෙම යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී දිස්ත්‍රික් මිල ගණන්වලට වඩා වැඩි අගයක් ගෙවා ඇති බවත්, මීටර් පැය ගණනය කිරීමේදී සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් සභිකයෝ පෙන්වා දෙති.
එබැවින් මෙම සියලු ගෙවීම් අදාළ සභිකයන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර කරවා ගැනීම හරහා බරපතළ මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.ඒ.එන්.පී. සුරවීරගෙන් සිදුකළ විමසීමකදී ඇය පැවැසුවේ මෙම සියලු ගෙවීම් තහවුරු කරගෙන ඇති බවයි.
Aruna


