සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ඝාතනයට ලක්වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මහගෙදර ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ඇති බව කියන තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දැඩි විවේචනයට එල්ල විය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙම කරුණ මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි , රජයේ ප්‍රමුඛතාවයන් මෙන්ම පශ්චාත් යුධ සහ ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන ආකාරය විවේචනය කළේය.
හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා එහිදී මෙසේ පැවසීය.
“අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය නිදහස් දින කතාවේදී සිවිල් යුද්ධය ජයග්‍රහණය කළ සන්නද්ධ හමුදා සාමාජිකයන් අගය කරනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. නමුත් එය සිදු වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු කතා කළේ දිට්වා සුළි කුණාටුව ගැන පමණයි. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කළ කැපකිරීම් නිසි ලෙස ඇගයීමට අපොහොසත් වන රජය, වල්වෙටිතුරෙයි හි පිහිටි එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ මහගෙදර ප්‍රතිසංස්කරණය කිරීම ගැන කතා කිරීම කණගාටුවට කරුණක්.”
එසේම දිට්වා සුළි කුණාටුවෙන් පසුව රට යථා තත්ත්වයට පත් කිරීමට රජය අපොහොසත් වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.
මේ අතර, හිටපු එල්.ටී.ටී.ඊ නායකයාගේ නිවස ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාව පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රී රාමනාදන් අර්චුනා කියා සිටියේ, සිංහල සහ දෙමළ ජනයා වෛරයෙන් ඔබ්බට ගොස් සංහිඳියාව වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.
මේ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළුව පිරිසක් පවසන්නේ ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුවක් තිබියදීත් සිය පක්ෂයේ ආරම්භක නායක රෝහණ විජේවීර පවුලට නිවසක් සාදා නොදුන් පසුබිමක මෙරට තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ නිවස සැකසීමට කටයුතු කිරීම පුදුම සහගත බවයි.


