සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
නිදහස් උලෙළේ පින්තූර පළකරමින් ජනාධිපතිතුමාගේ පෞරුෂය මදි යැයි මඩ අවලාද නගමින් ඇතැයි අමාත්‍ය බිමල් රත්නාක මහතා පවසයි.
"නිදහස් උලෙළ ඇතුළේ අපේ ජනාධිපතිතුමාගේ ෆොටෝ එකයි, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ෆොටෝ එකයි, තව තව අයගේ ෆොටෝ දාලා අපේ ජනාධිපතිතුමාගේ ෆොටෝ එකේ පෞරුෂය මදිලු. අරකද මේකද.
මොන මිනිස්සුද ගරු කතානායකතුමනි, මේ. අපි අවංකවම ගත්තත් මේ රටේ ජන ඡන්දයෙන් නායකයෙක් පත්වුණාට පස්සේ අපි ගරු කරනවා.
අපි විපක්ෂ නායකතුමාගේ ඇඟේ හැඩ ගැන කතා කරන්නේ නෑනේ. ඒ විපක්ෂ නායකයා. ජනතා ඡන්දේ නිසා."
පාර්ලිමේන්තුව අමතමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.


