සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පසුගිය පාලන සමයන්හි සිදුවූ වංචා සහ දූෂණ සම්බන්ධ විමර්ශන කටයුතු මෙහෙයවීම වර්තමානයේදී අසීරු කර්තව්‍යයක් වී ඇත්තේ අදාළ සාක්ෂි සූක්ෂ්ම ලෙස මකා දමා හෝ විකෘති කර ඇති බැවින් යැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"යම් වංචාවක් හෝ දූෂණයක් සිදුවී මාස කිහිපයකින් හෝ වසර දෙක තුනකින් රජයක් ලැබුණේ නම්, පවතින සාක්ෂි මත පදනම්ව එම විමර්ශන ඉතා වේගයෙන් සිදු කිරීමේ හැකියාව තිබුණා. නමුත් අපට රජය ලැබුණේ අදාළ දූෂණ චෝදනා එල්ල වූ කණ්ඩායම් තවත් වසර 5ක් 10ක් බලයේ රැඳී සිටීමෙන් අනතුරුවයි."
එම දීර්ඝ කාලය තුළ වංචා සහ දූෂණවලට අදාළ සාක්ෂි මකා දැමීමට හෝ ඒවා සැඟවීමට චූදිතයන් කටයුතු කර ඇති බවත්, ඇතැම් දක්ෂ විමර්ශන නිලධාරීන් ස්ථාන මාරු කරමින් විමර්ශන පද්ධතිය අවුල් කර ඇති බවත් හෙතෙම චෝදනා කළේය.
මේ හේතුවෙන් වංචා දූෂණ සොයා ගැනීම සරල ක්‍රියාවලියක් නොව ඉතා අසීරු හා සංකීර්ණ මෙහෙයුමක් බවට පත්ව ඇතැයිද පැවසූ ඇමතිවරයා අද විපක්‍ෂයෙන් ඝෝෂාවක් ඇසෙන්නේ පරීක්‍ෂණ හරියට යන නිසා බවත් කියා සිටියේය.


