Type Here to Get Search Results !

ගලප්පත්තිට, නිපුනආරච්චි බිරිදට ජනාධිපති අරමුදලින් රෝහල් බිල් ගෙවලා...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික ජන බලවේගය නියෝජනය කරන වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හා මන්ත‍්‍රීවරයෙකුගේ බිරිදකට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදී ලබාගත් පෞද්ගලික රෝහල් ප්‍රතිකාර සඳහා වූ බිල්පත් ජනාධිපති අරමුදලින් පියවා ඇති බවට ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා අනාවරණය කරයි.


තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේල අදාළ මන්ත්‍රීවරුන් එක් අයකු හා අනෙක් මන්ත‍්‍රීවරයාගේ බිරිද රෝහල් ගතවූ අවස්ථාවේදී ඔවුන්ගේ බිල්පත් සඳහා රජයේ මුදල් වැය කර ඇති බවයි.


මෙම සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ වනු ඇති බවත්ල පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති අරමුදලෙන් සිදුකළ ගෙවීම් පිළිබඳ ඉල්ලා ඇති වාර්තා හරහා මේ බව තහවුරු වනු ඇති බවත් කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads