Type Here to Get Search Results !

දැන් හැම ෂෙඩ් එකේම තෙල් තියෙන නිසා පෝලිමකුත් තියෙනවා...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

සාමාන්‍යයෙන් පෝලිම් නිර්මාණය වන්නේ පිරවුම්හල්වල තෙල් නොමැති අවස්ථාවල වුවද මේ වන විට සියලුම පිරවුම්හල්හි තෙල් මෙන්ම පෝලිමක්ද ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.


"අද මම දැක්කා එනකොට නැවත වරක් තෙල් පෝලිම් හැදිලා. හැබැයි හැම ෂෙඩ් එකකම තෙල් තියෙනවා.

හැම ෂෙඩ් එකකම පෝලිමත් තියෙනවා. සාමාන්‍යයෙන් පෝලිමක් හැදෙන්නේ ෂෙඩ්වල තෙල් නැති වුණොම. එක ෂෙඩ් එකක නෑ, දෙකක නෑ. තියෙනත තැන පෝලිම.


දැන් මොකද වෙන්නේ. හැම ෂෙඩ් එකකම තෙල් තියෙනවා. ඒ තෙල් ටික ගහගන්න පෝලිම. QR කෝඩ් එකක් දවල් දොළහෙන් පස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒකයි මේ උදේ ඉදං පෝලිම. මේ නිසා වැඩියෙන්ම පීඩාවට පත්වෙන්නේ කාන්තාවෝ.


උදේ ග්‍රාම සංවර්ධන නිලධාරිනියක් මගෙන් අහනවා, 'මන්ත්‍රීතුමා, තෙල් ලීටර් තුනයි හම්බ වෙන්නේ කොහොමද ෆීල්ඩ් එකට ගිහින් වැඩ කරන්නේ' කියලා. මම කීවා 'තුනේ ප්‍රමාණයට දුවන්න' කියලා. මේ අපි කැමැත්තෙන් කරන එකක් නෙමෙයි. අපට ලෝකයත් එකත් එක්ක ඇජස්ට් වෙන්න වෙනවා. තෙල් සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. ගහගන්නේ තෙල් තියෙන අයනේ.


මේවා ගැන විචාරයක් නැති අය වොයිස්කට් දෙනවා, 'කොහොමද ආණ්ඩුව කිව්වේ තෙල් සංචිත තියෙනවා කියලානේ, දැන් අපි පෝලිමේ' කියලා කියනවා. 'ඔව් තෙල් සංචිත තියෙනවා. ඒ නිසානේ ෂෙඩ්වල තෙල් තියෙන්නේ.' ඔන්න බලන්න මේවා මිනිස්සු තේරුම් ගන්න හැටි. පිරිමි කෙනෙක්. ඕක තමයි තත්ත්වේ."
ලක්ෂ්මන් නිපුණආරච්චි මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

 

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads