සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙතෙක් විදුලි කප්පාදුවක් සිදු කර නොමැති වුවද, ඉදිරියේදී යම් කාලසීමාවක් සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවීමේ හැකියාවක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්"
මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා රජය උපරිම උත්සාහයක නිරත වන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.


