Type Here to Get Search Results !

ජාත්‍යන්තර සමුළුවේ ඉතා සූක්‍ෂමව උත්තර දුන්නා.. ෆේස්බුක් ගොයියන්ට තේරෙන්නෑ..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට පක්ෂග්‍රාහී නොවන, සෘජු හා ස්ථාවර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, එය "දැලිපිහියෙන් කිරි කන්නාක් වැනි" අතිශය සූක්ෂම හා අවදානම් සහගත ක්‍රියාවලියක් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය,. මෑතකදී පැවැති ජාත්‍යන්තර සමුළුවකදී තමන් පල කළ අදහස් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් ලෝක යුද ගැටුම් සම්බන්ධයෙන් රජය කිසිදු පාර්ශ්වයකට සහය නොදක්වන බවත්, රජය සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙන් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය. මෑතකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ අසමබර යෝජනාවකට ශ්‍රී ලංකාව විරුද්ධ වූයේ එය දෙපාර්ශ්වයටම සාධාරණ නොවන බැවින් බව ඔහු පෙන්වා දුන්නේය. "මේ යුද්ධයට දෙපාර්ශ්වයම වගකියන්න ඕනේ. ඒ නිසා එක පැත්තකට විතරක් චෝදනා කරලා බැහැ," යනුවෙන් පැවසූ ඔහු, මෙය හුදු මධ්‍යස්ථභාවයකට එහා ගිය ජාත්‍යන්තරය හමුවේ ශක්තිමත්ව මතය ඉදිරිපත් කරන ස්ථාවරයක් බව සඳහන් කළේය.


සමුළුවකදී තමන් පල කළ අදහස් සම්බන්ධයෙන් විපක්ෂය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, සාගර ආරක්ෂාව බිඳ වැටීම වත්මන් ගැටලු රැසකට මුල බව තමන් පැහැදිලි කළ බවයි. දැනට රජයේ වියදමින් වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ ජාත්‍යන්තර නීතියට අනුකූලව මිස පක්ෂග්‍රාහීව නොවන බව ඔහු අවධාරණය කළේය.

ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින සබඳතා පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු නියෝජිතයා සමඟ පැයක පමණ කාලයක් ආර්ථික, වෙළඳ හා දේශපාලන සබඳතා පිළිබඳ සාකච්ඡා කළ බව පැවසීය. ඇමරිකාව විසින් පනවා තිබූ භාණ්ඩ 144ක තහනම, රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හරහා 120 දක්වා අඩු කර ගැනීමට රජය සමත් වූ බවද ඔහු මෙහිදී හෙළි කළේය.

ඉරානය සමඟ පවතින සබඳතා පවත්වා ගන්නා අතරම ඇමරිකාව සමඟ ද ගනුදෙනු කරමින්, රටට වාසිදායක ලෙස රාජ්‍යතාන්ත්‍රිකභාවය පාවිච්චි කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads