Type Here to Get Search Results !

ඉරානයෙන් භයානක අනතුරු ඇගවීමක් - සහමුලින්ම විනාශ කරන බවට තර්ජන


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

තම රටේ බලශක්ති මධ්‍යස්ථානවලට නැවත ප්‍රහාර එල්ල වුවහොත්, අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල ඇති සියලුම තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරන බවට ඉරානය තරයේ ප්‍රකාශ කර ඇත.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ගෙවුණු පැය කිහිපය තුළ ඉරානයේ ගෑස් නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය දැනටමත් කලාපයේ අනෙකුත් රටවල තෙල් නිධිවලට ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

ඉරානයේ බලශක්ති පද්ධතියට පහර දීමෙන් සතුරා විශාල වැරැද්දක් කළා" යැයි ඉරාන හමුදා මධ්‍යම විධානයේ ප්‍රකාශකයෙකු පවසා ඇත.

මෙම ප්‍රහාර නැවත සිදු වුවහොත්, සතුරාගේ සහ ඔවුන්ගේ මිත්‍ර රටවල බලශක්ති පද්ධති සහමුලින්ම විනාශ වන තෙක් ඉරාන ප්‍රහාර නතර නොකරන බව ඔහු අවධාරණය කරයි.

ඉදිරියේදී එල්ල කරන ප්‍රහාර මෙතෙක් එල්ල කළ ප්‍රහාරවලට වඩා බෙහෙවින් දරුණු වනු ඇති බවටද ඉරානය අනතුරු අඟවා තිබේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads