Type Here to Get Search Results !

රටට අත තියන්න එපා අපි තවත් ඉවසන්නෑ.. සාම සාකච්ඡා ප්‍රතිකේෂ්ප කරමින් ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසන්නේ, සාම සාකච්ඡා සහ මැදිහත්වීම් සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශයේදී, සාම සාකච්ඡා ඉරානය සමඟ නොව, මෙම ගැටුම ආරම්භ කළ අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ කෙරිය යුතු බව අවධාරණය කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, කලාපයේ සාමය වෙනුවෙන් ඉරානය කැපවී සිටින බවත්, නමුත් තම රටේ ගෞරවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ඕනෑම මොහොතක පෙනී සිටීමට පසුබට නොවන බවයි.

ඉරාන ජනතාවගේ ශක්තිය හා ජාතික අඛණ්ඩත්වය අවදානම් කිරීමෙන් යුද්ධය ආරම්භ කළ පාර්ශවයන් වෙත මැදිහත්වීම්ගේ අවධානය යොමු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ,

"අපි සාමයට කැමතියි, හැබැයි අපේ රටට අත තියන්න ආවොත් අපි බලාගෙන ඉන්නේ නැහැ.මේ යුද්ධය පටන් ගත්තේ අමෙරිකාවයි ඊශ්‍රායලයයි.ඒ නිසා සාම සාකච්ඡා කරන්න ඕනෙ අපෙත් එක්ක නෙවෙයි, ඒ රටවල් දෙකත් එක්කයි"

යනුවෙනි.කෙසේ නමුත් මෙම යුධමය තත්ත්වය මත මේ වනවිටත් ජීවිත හානි රැසක් සිදුව තිබේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads