Type Here to Get Search Results !

බොරතෙල් වැඩිවුනේ සූත්‍රයකට නෙමෙයි.. අපි වැඩිකලෙත් සූත්‍රයකට නෙමෙයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මෙම මාසය තුළ අවස්ථා දෙකකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයන් "මිල සූත්‍රයට" අනුව සිදුකළ ඒවා නොවන බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින් මහතා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ යාම සිදුවූයේ සූත්‍රයක් අනුව නොවන බවත් පවතින හදිසි යුද වාතාවරණය බලපා ඇති බවත්, මෙවර මිල වෙනස් කිරීම් සිදුකළේ මිල සූත්‍රය පදනම් කරගෙන නොවන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

මිල සූත්‍රය මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේදී, එවකට සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ ලෝක වෙළෙඳපොළේ සිදුවන ඕනෑම මිල උච්ඡාවචනයකට ගැළපෙන අයුරින් මෙම මිල සූත්‍රය සකස් කර ඇති බව මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කළද, අමාත්‍ය නලින් මහතා එම කරුණ පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

වත්මන් තත්ත්වය හමුවේ මිල සූත්‍රයට පරිබාහිරව තීන්දු ගැනීමට රජයට සිදු වූ බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය විය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads