Type Here to Get Search Results !

ආහාර ද්‍රව්‍ය මිල වැඩිවෙනවා... යුද්දෙ නිසා සැපයුම් දාම බිදිලා...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පවත්නා මැදපෙරදිග අර්බුදය හේතුවෙන් සැපයුම් මාර්ගවල ඇති වී තිබෙන බාධා හමුවේ ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය රැසක් විදේශයන්ගෙන් ආනයනය කරන බැවින් ජාත්‍යන්තර දේශපාලනික හා ආරක්ෂක තත්ත්වයන් මෙරට වෙළඳපොළ කෙරෙහි සෘජුව බලපාන බවයි.

"ශ්‍රී ලංකාවේ අර්තාපල් අවශ්‍යතාවයෙන් 80% ක්, ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 80% ක් සහ පරිප්පු අවශ්‍යතාවයෙන් සම්පූර්ණයෙන්ම පාහේ (100% ක්) සපුරා ගන්නේ ආනයනය මගිනි."

නාවික සැපයුම් මාර්ගවල පවතින ගැටලු හේතුවෙන් මෙම භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.

කෙසේ වෙතත්, පාරිභෝගිකයා අසීරුවට පත් කරමින් සිදු කෙරෙන අසාධාරණ මිල ඉහළ දැමීම් වැළැක්වීමට රජය උපරිම පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන වියදම් සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

 

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads