Type Here to Get Search Results !

USS ඒබ්‍රහම් ලින්කන් නෞකාවට ඉරානයෙන් මිසයිල ප්‍රහාර...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඉරාන නාවික හමුදාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්, අමෙරිකානු එක්සත් ජනපදයට අයත් 'USS ඒබ්‍රහම් ලින්කන්' ගුවන් යානා වාහක නෞකාවට සිය ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදු වූ බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන නාවික හමුදාව නිකුත් කළ නිල නිවේදනයකට අනුව, වෙරළාශ්‍රිතව ස්ථාපනය කර ඇති 'කාදර්'වර්ගයේ නෞකා නාශක මිසයිල මගින් මෙම ඉලක්කය ලබාගෙන ඇත.

අමෙරිකානු නෞකා සමූහයේ ගමන් බිමන් පිළිබඳව ඉරානය දැඩි අවධානයෙන් පසුවන බව නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ෂහ්රම් ඉරානි ප්‍රකාශ කර තිබේ.

අදාළ නෞකා සමූහය ඉරාන මිසයිල පද්ධතිවල පරාසය තුළට පැමිණි වහාම බලවත් ප්‍රහාර එල්ල කරන බවට ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

මෙම ප්‍රහාරයත් සමඟ අමෙරිකානු නෞකාවට සිය මුල් පිහිටීමෙන් ඉවත් වීමට සිදු වූ බව ඉරාන පාර්ශ්වය අවධාරණය කරයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads