සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
භාණ්ඩාගාරයෙන් හැකර්වරුන් විසින් ලබාගත් බව කියන මුදල් සම්පූර්ණයෙන්ම යළි අයකර ගැනීමේ ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ රටේ වත්මන් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, භාණ්ඩාගාරය සතුව ට්‍රිලියනයකට අධික මුදලක් පවතින බවයි.
විපක්ෂය විසින් මිලියන 2.5ක මුදලක් සම්බන්ධයෙන් මතු කරන කරුණු පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, යම් ස්ථානයක වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීමට රජය බැඳී සිටින බවයි.
විශේෂයෙන්ම හැකර්වරුන් සම්බන්ධ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම අහිමි වූ සම්පූර්ණ මුදලම යළි අයකර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි.



