Type Here to Get Search Results !

ලංකාවට විතරක් නොවේ.. එංගලන්තයටත් ඕස්ට්‍රේලියාවටත් හැකර්වරු ගැහුවා..- ලක්මාලි


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් මතුව ඇති මූල්‍ය ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූවක් නොවන බවත්, පසුගිය වසරේ එංගලන්තයේ රේගු කාර්යාලය මෙන්ම ඕස්ට්‍රේලියාවද මෙවැනිම පද්ධතිමය අනවසර ඇතුළුවීම් හෝ වංචනික ක්‍රියාවන්ට මුහුණ දී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ණය කළමනාකරණ කාර්යාලය සහ මහ බැංකුව සම්බන්ධ වන ගනුදෙනු ක්‍රියාවලියකදී, තෙවන පාර්ශවයක් විසින් එවන ලද ව්‍යාජ විද්‍යුත් ලිපියකට අදාළව ගෙවීමක් සිදුව ඇති බවයි.

"මෙය පද්ධතියේ පවතින දුර්වලතාවයක් නිසා සිදු වූවක්ද නැතහොත් ආයතනය තුළම සිටින අයෙකුගේ සම්බන්ධතාවයකින් (Inside Job) සිදු වූවක්ද යන්න පිළිබඳව නිසි විමර්ශනයක් කළ යුතුයි. එංගලන්තයේ රේගු කාර්යාලයත් පසුගිය වසරේ මෙවැනිම ව්‍යාජ විද්‍යුත් ලිපි හරහා සිදුකරන වංචාවකට හසු වුණා. ඕස්ට්‍රේලියාවෙත් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා. එබැවින් මෙය ලංකාවට පමණක් සීමා වූවක් නෙමෙයි"

මෙම වංචාව සම්බන්ධයෙන් වගකීමක් පවතින නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ඇය අනාවරණය කළාය.

එමෙන්ම, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව මේ වන විටත් අදාළ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියාය.

රජයේ නිලධාරියෙකු අතින් වරදක් සිදුව ඇත්නම් ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතනවලදීද මෙවැනි පියවර ගැනීමට පසුබට නොවන බවත් මන්ත්‍රීවරිය මෙහිදී අවධාරණය කළාය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads