සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ජාතික ජන බලවේගය රජය බලයට පත්කිරීමටත්, එය ආරක්ෂා කිරීමටත් මෙතෙක් කොන්දේසි විරහිතව පෙනී සිටි ප්‍රමුඛ පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අජිත් පෙරේරා ( කෝටිපති කුඹලා), බලශක්ති අමාත්‍ය පුණ්‍ය කුමාර ජයකොඩි මහතාට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙයි.
ලංකා ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව ලෙස විපක්ෂය හඳුන්වන “ගල් අඟුරු ගනුදෙනුව” සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වන චෝදනා හමුවේ, අමාත්‍යවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටීම ආණ්ඩුවේ දේශපාලන ගෞරවයට හානියක් බව ඔහු පෙන්වා දෙයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අජිත් පෙරේරා අවධාරණය කරන්නේ, මෙම ආණ්ඩුව ගොඩනැගුවේ බහුතර ජනතාවගේ අප්‍රමාණ විශ්වාසය මත බවයි. එම විශ්වාසය රැකගැනීම වෙනුවෙන් වගකිවයුත්තන් “මහපොළොව මත සිට” ජනතාවට පිළිතුරු දිය යුතු බව ඔහු පවසයි.
“මේ අසිරිමත් දේශපාලනයේ ගෞරවය වෙනුවෙන්… හැකි විගස බිමට බසින්න” යැයි පවසමින් ඔහු අමාත්‍යවරයාට සෘජු බලපෑමක් කර තිබේ.
මීට පෙර ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් විවේචන එල්ල වූ අවස්ථාවලදී, ගල් අඟුරුවල බාල බව සොයාගැනීම තාක්ෂණිකව දුෂ්කර බව පවසමින් රජය සහ අමාත්‍යවරයා වෙනුවෙන් දැඩිව පෙනී සිටි පුද්ගලයෙකු ලෙස අජිත් පෙරේරා ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
නමුත් ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා විසින්ම මතභේදාත්මක හඬ පටය තහවුරු කිරීම සහ විගණන වාර්තා මගින් දූෂණ අනාවරණය වීමත් සමඟ, රජයේ දැඩි හිතවාදීන් පවා මෙලෙස අමාත්‍යවරයාට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම විශේෂත්වයකි.
අජිත් පෙරේරා මහතා සිය සටහන මගින් වැඩිදුරටත් සිහිපත් කර දෙන්නේ, උපන් බිම වෙනුවෙන් කැපවූ දේශපාලන ව්‍යාපාරයක වගකීම් දරන මිනිසුන් මෙම අසීරු තත්ත්වය හදවතින්ම තේරුම් ගත යුතු බවයි.
විශ්වාසභංගය ජයග්‍රහණය කළද, ආණ්ඩුව බලයට පත් කිරීමට කැපවූ ව්‍යාපාරික ප්‍රජාව සහ බුද්ධිමතුන් පවා මෙලෙස අමාත්‍යවරයා ඉවත් කරන ලෙස බලපෑම් කිරීම හමුවේ ජනාධිපතිවරයා සහ රජය ඉදිරියේදී ගන්නා තීරණය තීරණාත්මක වනු ඇත.



