සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ලෝක වෙළඳපොළේ පවතින මිල විචලනයන් හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කිරීමට රජයට සිදුව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ලෝකයේ අනෙකුත් රටවල් ඉන්ධන පෝලිම් සහ විවිධ අර්බුදයන්ට මුහුණ දී සිටියද, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සහ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනතාවට තම ආර්ථිකය ගොඩනගා ගැනීමට හැකි වන පරිදි මෙම කළමනාකරණ කටයුතු සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා, මිල ඉහළ දැමීමක් සිදු කළද එහි සම්පූර්ණ බර ජනතාව මත පටවන්නේ නැති බව පෙන්වා දුන්නේය.
ඒ අනුව, අදාළ මිල වැඩිවීම්වලින් සැලකිය යුතු කොටසක් භාණ්ඩාගාරය විසින් දරා ගන්නා අතර, තවත් කොටසක් අදාළ සමාගම් විසින් දරා ගනිමින් ජනතාව මත පටවනු ලබන්නේ යම් ප්‍රමාණයක වැඩිවීමක් පමණක් බව ඔහු සඳහන් කළේය.
පවතින යුදමය තත්ත්වය පහව ගිය වහාම මෙම මිල ගණන් හැකි ඉක්මනින් අඩු කිරීම රජයේ බලාපොරොත්තුව බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


