සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සහ ගල් අඟුරු සැපයුම්කාර සමාගමක නියෝජිතයෙකු අතර සිදුවූ බව පැවසෙන දුරකතන සංවාදයක් අඩංගු හඬ පටයක්, විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන බවට එම සමාගම චෝදනා කරයි.
මෙම ක්‍රියාව මහජනතාව නොමඟ යවන සුළු එකක් බව පවසමින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රතනායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව, 2026 මාර්තු 25 වන දින සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා සහ අදාළ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අතර මෙම දුරකතන සංවාදය සිදුව ඇත.
එහිදී සාකච්ඡා වී ඇත්තේ හදිසි ගල් අඟුරු සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති කොන්ත්‍රාත්තුවට අදාළව, බැංකුව විසින් නිකුත් කළ යුතු කාර්ය සාධන ඇපකරය කඩිනමින් ලබා ගැනීම පිළිබඳවයි.
සභාපතිවරයා අවධාරණය කරන්නේ අදාළ ඇපකරය නිකුත් කරන ලද දිනයේදීම (මාර්තු 25) එය ලබා දෙන ලෙස කළ නීත්‍යානුකූල දැනුම් දීමක්, විවිධ පුද්ගලයන් විසින් අයුතු ලෙස අර්ථකථනය කරමින් මෙලෙස ප්‍රචාරය කරන බවයි.
හදිසි ගල් අඟුරු සැපයුමට අදාළ සියලු ටෙන්ඩර් පටිපාටි සහ ප්‍රසම්පාදන ක්‍රමවේද නිසි අයුරින් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය දැනට සාර්ථකව ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින් පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ලංකා ගල් අඟුරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


