Type Here to Get Search Results !

අපි ඕස්ට්‍රේලියා ණය ගෙව්ව ඊමේලයට මගදි හැකරුන් පැනලා ගිණුම් අංක වෙනස් කර ඔවුනට සල්ලි හරවාගෙන..- මාලිමා මන්ත්‍රී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22කට අධික ණය මුදලකින්, ඩොලර් මිලියන 2.5ක වාරිකයක් පියවීමේදී සිදුවූ සයිබර් අපරාධයක් හේතුවෙන් එම මුදල් තෙවන පාර්ශවයක ගිණුමකට බැර වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා අනාවරණය කරයි.

ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම ණය මුදල පියවීම සඳහා යවන ලද ඊමේල් පණිවිඩය අතරමගදී සයිබර් අපරාධකරුවෙකුගේ (Hacker) ග්‍රහණයට පත්ව ඇති බවයි.

එහිදී අදාළ අපරාධකරු විසින් ඊමේල් පණිවිඩයේ තිබූ ගිණුම් අංක වෙනස් කර, මුදල් ඔහුගේ ගිණුමට බැර කරගෙන ඇති බව හෙළි වී තිබේ.

මෙවැනි සයිබර් අපරාධ ඕනෑම රාජ්‍යයකට සිදුවිය හැකි බවත්, මේ සම්බන්ධයෙන් රජය දැනටමත් අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නසිරි මහතා, විපක්ෂය මෙම සිදුවීම රජය විසින් සිදුකළ වංචාවක් හෝ හොරකමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.

"විපක්ෂය හැමවෙලේම බලාගෙන ඉන්නේ අපි හොරකම් කළා, වංචා කළා කියලා කියන්න. නමුත් මෙය සයිබර් අපරාධයක්," යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads