සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට අද (28) පස්වරුවේ පැවති විරෝධතාවක් අතරතුර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
අතුරුදන් වූ බව පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
විරෝධතාකරුවන් ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමින් සිටියදී එහි පැමිණි වෙනත් පිරිසක් ඔවුන්ට ගොම හා ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එමගින් දෙපිරිස අතර දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළහ.
මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.



