Type Here to Get Search Results !

හැකර ගිණුමට සල්ලි දැමූ නිලධාරීන්ට දඬුවම් දෙනවා..- ඇමති


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හැකර ගිණුමකට මහා භාණ්ඩාගාරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් නිදහස් කිරීම රජයේ නිලධාරීන් අතින් සිදු වූ බරපතළ වගකීම් පැහැර හැරීමක් බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අනාවරණය කළේ අදාළ මුදල ගෙවීමේදී නිසි ප්‍රමිතියෙන් බැහැරව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන්න සෙවීමට මේ වන විටත් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.

මෙම මූල්‍ය ගනුදෙනුව පිටුපස සිටින වෙනත් සම්බන්ධතා සහ පුද්ගලයින් පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම මුදල් ගෙවීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී ඇති සියලු පාර්ශ්වයන්ගේ කාර්යභාරය පිළිබඳව ඉදිරියේදී දැඩිව සොයා බලන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads