Type Here to Get Search Results !

ඉරාන යුද්දය දැන් අවසන්..- ට්‍රම්ප් Fox news සමග


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඉරානය සමඟ පවතින යුද්ධය "අවසන් වීමට ආසන්න" බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Fox Business නාලිකාවේ නිවේදිකා මරියා බාර්ටිරෝමෝ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාව දැන් මෙයින් ඉවත් වුවහොත් ඉරානයට යළිත් තම රට ගොඩනැඟීමට වසර 20ක් පමණ ගතවනු ඇති බවයි.

එමෙන්ම ඉරානය ඉතා ඕනෑකමින් ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තුවෙන් සිටින බව තමා විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ස්ථිර ලෙස අවසන් කිරීම සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී සාකච්ඡා පැවැත්වුණද, එහිදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇත.

කෙසේ වෙතත්, අප්‍රේල් 8 වනදා පකිස්ථානයේ මැදිහත්වීමෙන් ඇති කරගත් සති දෙකක සටන් විරාමය තවමත් ක්‍රියාත්මක වේ.

ඉදිරි දින දෙක ඇතුළත පකිස්ථානයේදී යළිත් සාකච්ඡා ආරම්භ වනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් විශ්වාසය පළ කරයි. සම්මුඛ සාකච්ඡාව අතරතුර ඔහු ඉරාන යුද්ධය පිළිබඳව අතීත කාලයෙන් අදහස් දක්වා ඇති අතර, "එය අවසන්" දැයි විමසූ විට ඔහු "එය අවසන්" යනුවෙන් ද ප්‍රකාශ කර තිබේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads