සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ගෝලීය වශයෙන් මතුව ඇති අර්බුදකාරී වාතාවරණයන් සමනය කරගැනීම සඳහා ඉරානය නිරන්තරයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන බව එරට ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් මහතා ප්‍රකාශ කර තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමඟ පැවැත්වූ සුහද දුරකථන සංවාදයකදී ඉරාන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ඕනෑම සාකච්ඡාමය ක්‍රියාවලියකට සහාය වීමට තම රාජ්‍යය දෙවරක් නොසිතන බව ඔහු එහිදී වැඩිදුරටත් සහතික විය.
මෙහිදී ජනාධිපති පීසෙෂ්කියන් මහතා පෙන්වා දුන්නේ යුදමය ක්‍රියාමාර්ග, විවිධ බලපෑම් හෝ තර්ජන එල්ල කිරීමෙන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත් කරගත නොහැකි බවයි.
විශේෂයෙන්ම ඇමරිකාව විසින් දැනට පටලවාගෙන ඇති ගැටලු මෙවැනි දරදඬු ක්‍රියාකලාපයන් හේතුවෙන් තවදුරටත් සංකීර්ණ වනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.
තවද, මැදපෙරදිග ඇතුළු කලාපීය ස්ථාවරත්වය සුරැකීම උදෙසා පවතින ගැටලුවලට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හරහා විසඳුම් සෙවීමේ ඇති අත්‍යවශ්‍යතාව පිළිබඳව ද ඉරාන නායකයා මෙහිදී කරුණු අවධාරණය කළ බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


