Type Here to Get Search Results !

රට මේ මට්මමෙන් හරි තියෙන්නේ මාලිමාණ්ඩුව නිසා.. - ඇමති සමන්ත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මෙරට ඉතිහාසයේ පැවති බරපතලම අර්බුද සහ ලෝක දේශපාලන අස්ථාවරත්වය හමුවේ වුවද, රට අද පවතින මට්ටමින් හෝ පවත්වාගෙන යාමට හැකි වී ඇත්තේ වත්මන් රජයේ නිවැරදි මැදිහත්වීම හේතුවෙන් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පසුගිය රජයන් විසින් විසඳනු නොලැබූ සහ අලුතින් නිර්මාණය කරන ලද ප්‍රශ්න ගොඩක් සමඟ තමන් රජය භාරගත් බවත්, ගත වූ වසර එකහමාරක කෙටි කාලය තුළ රට ගොඩනැගීමට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල්, ගෑස් සහ පොහොර මිල ඉහළ යාම මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ බව ඔහු සඳහන් කළේය.

"මේ ප්‍රශ්න ප්‍රමාණයට මුහුණ දීලත් මේ ගාණට හරි රට තියෙන්නේ මේ ආණ්ඩුව තියෙන නිසයි. නැත්නම් මොන වගේ තත්ත්වයක් වෙයිද කියා බලාගන්න තිබුණා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

රජය විසින් ක්‍රියාත්මක කරන දූෂණ මර්ධන ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාලය මර්ධනය කිරීම හේතුවෙන් ඔවුන්ට සම්බන්ධ දේශපාලන කණ්ඩායම් රිදී කලබලයට පත්ව සිටින බවයි.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම නොබලන බවත්, හිටපු ජනාධිපතිවරුන් හෝ මන්ත්‍රීවරුන් වුවද වරදක් කර ඇත්නම් නීතිය හමුවට පැමිණවීමට රජය පසුබට නොවන බවත් ඔහු පැවසීය.

රට පිරිසිදු කර නැවත හොරකම් කිරීමට හෝ වංචා කිරීමට ඉඩ නොතබන බව පැවසූ විද්‍යාරත්න මහතා, සංවර්ධන කටයුතු සඳහා වැය කරන්නේ පාලකයන්ගේ මුදල් නොව මහජන මුදල් බැවින් ඒවා නිසි පරිදි සහ ගුණාත්මකව යෙදවීමට රජය මෙන්ම ගොවි සංවිධානද දැඩි අධීක්ෂණයකින් කටයුතු කරන බව ප්‍රකාශ කළේය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads