Type Here to Get Search Results !

අපට එල්ල වෙන ගල් අගුරු චෝදනා ජනාධිපති කොමිසමෙන් නිදොස් වෙනවා..- ටිල්වින්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ගල් අඟුරු සම්බන්ධයෙන් තම පක්ෂයට එල්ල වන චෝදනා ඉදිරි මාස තුන ඇතුළත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් නිවැරදි කරනු ඇති බව මාතර පැවැති ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් පූර්ණ අධිකරණ බලය සහිත කොමිෂන් සභාවක් මගින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

"අපිට බොරු චෝදනා කරන්න ගිය අයට තව මාස තුනකින් වාර්තාව එනකොට නඩු අහන්න සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලන්ගේ කාලයේ තමයි ඇත්තටම වංචා සිද්ධ වෙලා තියෙන්නේ," යැයි ඔහු සඳහන් කළේය.

පසුගිය කාලයේ කන්ටේනර් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විමර්ශනය කර ඒවා අසත්‍ය බව ඔප්පු වී ඇති බවත්, දැන් ඒ ගැන කිසිවෙකු කතා නොකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සමහර නැව්වල ගල් අඟුරු ප්‍රමිතිය බාල වීම සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයක් වුවත්, එහි කිසිදු මූල්‍ය වංචාවක් සිදුව නැති බවට සහතික වන බවයි.

මෑතකදී විදේශ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් නැගුණු චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ සිල්වා මහතා, එය නිලධාරීන් අතින් වූ අත්වැරදීමක් මිස වංචාවක් නොවන බවත්, බැංකු කටයුතුවලදී පවා එවැනි මානුෂීය වැරදි සිදුවිය හැකි බවත් ප්‍රකාශ කළේය.

තම ව්‍යාපාරය තුළ හොරුන්ට හෝ වංචාකාරයන්ට ඉඩක් නැති බව ලෙයින් සහතික විය හැකි බවත් එවැනි අයෙකුට ව්‍යාපාරයේ රැඳී සිටිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

විපක්ෂය උත්සාහ කරන්නේ තමන් කළ හොරකම් වසා ගැනීමට "මාලිමා ආණ්ඩුවත්" හොරකම් කරන බව පෙන්වා දෙමින් සියලු දෙනා සමාන කිරීමට බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads