Type Here to Get Search Results !

මට කොහෙද මාලිගා තියෙන්නේ.. මං කොහෙන් ආවද කියන එක කවුරුත් ප්‍රශ්නයක් කරගත යුතු නෑ..- ලාල් කාන්ත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

තමන් අනුරාධපුරයේ සිට ආවාද, කොහේ සිට ආවාද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක් නැතැයි ද, තමාට මහනුවර මාලිගාවක් තිබේද යන්න ගවේෂණය කර සොයා බැලීම ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය බව ද කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් පසුව, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.


“ඊනියා ප්‍රභූ පාලකයන් යැයි කියා ගන්නා පිරිසක් මේ රටේ බලයේ සිටියදී ජනතාවගේ මුදල් ගසා කමින්, වංචා දූෂණ කරමින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරගත්තා. දැන් ඔවුන්ට බලයත් නැහැ, වරප්‍රසාදත් නැහැ. අඩුම තරමේ ජනතාවගේ මුදලින් ලබාගත් විශ්‍රාම වැටුප් පවා නැහැ. යන වාහන නැහැ, මන්දිර නැහැ. එහෙම වුණාම ඒ අය කලබල වෙනවා. ඒ අයට අවශ්‍ය වී තිබෙනවා වෙනස්කම්.


නමුත් දැන් අපි ජනතාවට දුන් පොරොන්දු පරිදි වංචා දූෂණවලට සම්බන්ධ, ප්‍රභූ යැයි කියාගන්නා ප්‍රබල දේශපාලනඥයන් අත්අඩංගුවට ගන්නවා. පරීක්ෂණ පවත්වනවා. අදාළ නීති අංශ මගින් ඒවා කරගෙන යනවා. වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනවා. ජනාධිපතිවරුන් පවා ගෙන්වා කටඋත්තර ගන්නවා. මේවට දැන් ඔවුන් කලබල වෙලා.


මට කොහෙද මාලිගාවල් තියෙන්නේ? මේ සේරම ප්‍රශ්න දාන්නේ ජනතාවගේ මුදල් ගසා කාලා චෝදනාවලට ලක්වූ අයයි. අපි ඕවට කලබල වෙන්නේ නැහැ. මම අනුරාධපුරෙන් ආවද, කොහෙන් ආවද කියන එක කිසිවෙකුත් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් කරගත යුතු නැහැ,” යනුවෙන් අමාත්‍ය ලාල් කාන්ත මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


- අජිත් ජනානන්ද

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads