Type Here to Get Search Results !

අධික ලෙස බත් කන නිසා ජනගහනයෙන් 51%කට දියවැඩියාව හැදිලා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මෙරට ජනගහනයෙන් සියයට 51ක් දියවැඩියාවෙන් පෙළෙන බවත්, ඊට ප්‍රධානතම හේතුව අධික ලෙස බත් පරිභෝජනය කිරීම බවත් කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"අද රටේ ජනගහනයෙන් 51%කට දියවැඩියාව වැළඳී තිබෙනවා. මෙයට ප්‍රධානතම හේතුව බත්. බත්, එළවළු හෝ පලතුරු මේ ඕනෑම දෙයක් අවසානයේ ග්ලූකෝස් බවට පත්වෙනවා. ඒ නිසා අපි අපේ ආහාර වේලෙහි ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කළ යුතුයි. බත් පරිභෝජනය යම් ප්‍රමාණයකට සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත්."

වී මිල සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් නියම කර ඇති රුපියල් 120ක මිල වී කිලෝවක් සඳහා ලබාදිය හැකි උපරිම සාධාරණ මිල බවයි. ඇතැම් පිරිස් මීට වඩා ඉහළ මිලක් ඉල්ලා සිටියද, එය ප්‍රායෝගික නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

"වී අස්වනු නෙළන ප්‍රදේශවල පමණක් මේ වන විට වී ගබඩා විවෘත කර තිබෙනවා. මුළු රටේම එකවර අස්වනු නෙළන්නේ නැති නිසා අවශ්‍යතාව පරිදි ගබඩා විවෘත කිරීමට පියවර ගන්නවා. තවමත් වී මිලදී ගැනීමේ වැඩි දායකත්වය පවතින්නේ පෞද්ගලික අංශයටයි. සහල් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කිරීමට රජය මැදිහත් වෙනවා."

දේශපාලන පක්ෂ විසින් ගොවීන් යොදා ගනිමින් සිදුකරන උද්ඝෝෂණ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂ කණ්ඩායම් තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ගොවීන් සම්බන්ධ කරගෙන විවිධ උද්ඝෝෂණ සිදුකරන බවත්, රජය එය නරක ලෙස නොදකින බවත්ය.

එසේම, රජය විසින් පාසල් දරුවන්ගේ උපකරණ මිලදී ගැනීම සඳහා ලබාදුන් රුපියල් 6,000ක දීමනාව ද වක්‍රව ගොවීන් වෙතම ගලා යන බවත්, එමඟින් සමස්ත ආර්ථික ක්‍රියාවලියම ශක්තිමත් වන බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads