Type Here to Get Search Results !

ජනතාව කුණු දාපු ගමන් එකතු කරන්න අපට බෑ..- කඩුවෙල නගරාධිපති


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති විවේචනවලට පිළිතුරු දෙමින් නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසා සිටියේ, ජනතාව කසළ බැහැර කළ සැනින් ඒවා එකතු කිරීමට නගර සභාවට තාක්ෂණිකව නොහැකි බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.


කසළ එකතු කිරීම සඳහා නිශ්චිත කාලසටහනක් සහ ක්‍රමවේදයක් පවතින බව පෙන්වා දුන් නගරාධිපතිවරයා, සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ මාර්ග අසල තබන කසළ පසුදින පෙරවරු 10 ත් දහවල් 12 ත් අතර කාලය තුළ එකතු කරන බව සඳහන් කළේය. එම කාල පරාසය තුළ කසළ මාර්ග අසල තිබීම සාමාන්‍ය තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.


ඇතැම් පිරිස් සහ මාධ්‍ය ආයතන මෙම කාලසීමාව ඉලක්ක කරගනිමින්, කසළ එකතු කිරීමට පෙර එම ස්ථාන වීඩියෝ ගත කර නගර සභාවේ අකාර්යක්ෂමතාවයක් පවතින බවට රටට වැරදි චිත්‍රයක් මවා පෑමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.


"මේක සැලසුම් සහගතව, ඉලක්කගතව කරන වැඩක්. කුණු ගොඩවල් පෙන්නලා රටට වැරදි අවබෝධයක් දෙන්න දරන උත්සාහයක් අපි දකිනවා" යැයි ද ඔහු පැවසීය.


කඩුවෙල නගර සභාව සිය උපරිම ශක්තිය යොදවා කසළ කළමනාකරණ කටයුතු විධිමත්ව සිදුකරන බවත්, මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් ජනතාව නොමඟ නොයන ලෙසත් රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads