සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
විදේශ ණය ලබාගෙන සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කළ පෙර රජයන්ට සාපේක්ෂව, ජනතාව උපයන ධනය මත පදනම්ව රටේ සංවර්ධන කටයුතු සිදුකරන යුගයක් නිර්මාණය වී ඇති බව නියෝජ්ය අමාත්ය ටී. බී. සරත් මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මීට පෙර අතරමග නතරව තිබූ සංවර්ධන ව්යාපෘති නැවත ක්රියාත්මක කර ජනතා අයිතියට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
හිස්ව පැවති භාණ්ඩාගාරය ක්රමයෙන් ශක්තිමත් කරමින් එම සංවර්ධන ව්යාපෘති සඳහා අවශ්ය මුදල් ලබාදීමට කටයුතු කර ඇති බව පැවසූ නියෝජ්ය අමාත්යවරයා, භාණ්ඩාගාරය ශක්තිමත් වීමේ ගෞරවය රටේ පොදු මහජනතාවට හිමිවන බවද ප්රකාශ කළේය.
අධිවේගී මාර්ග, මෙට්රෝ සහ සුඛෝපභෝගී බස් රථ සේවා මෙන්ම කාපට් යෙදූ මාර්ග ඇතුළු සංවර්ධන ව්යාපෘති ජනතාව උපයන ධනය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ක්රියාත්මක කරන බවද ඔහු පැවසීය.
ජනතාවගේ මහන්සියෙන් උපයන ධනය නාස්ති වීමට ඉඩ නොදී ආරක්ෂා කරමින් රටේ සංවර්ධනය සඳහා යොදාගැනීම වත්මන් පාලනයේ අරමුණ බව නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


